පහුගිය දවස් ටිකේම හිත හිත හිටියේ "ඉස්සර වගේ අලුත් අවුරුද්දක් දැන් නෑනේ" කියල. ඉස්සර අවුරුදු ලංවෙද්දී එන feeling එක! ඒක මාරයි. ඒත් දැන් ඒකේ ලොකූ feeling එකක් නෑ(මට).
අද උදේම සරමත් පටලවගෙන ගියේ අවුරුදු උත්සවේකට. නම තිබ්බේ "පොඩිත්තන්ගේ අවුරුදු"කියල; ඒ වෙන මුකුත් හින්ද නෙවෙයි, සෑහෙන කාලෙකින් අවුරුදු උත්සවේකට ගිහින් නොතිබ්බ පොඩිත්තෝ ටිකකට මේ උත්සවේ සංවිධානය කරල තිබ්බ හින්දා(නම් ගම් ඕනේ නෑ, හරි හුරුබුහුටි කොලු පැටවු ටිකක් හිටියා).
උදේම හරි හරියට අපිව පිළිඅරගෙන, කිරි උතුරවලා, අවුරුදු කෑම මේසේ කැවුම් කොකිස්,මුං කිරිබත්,මාස්මිලෝස්(අහ් මේවගේ රස දන්නේ Jude), තව ගොඩක් ජාතිවල රස බලලා පිට්ටනියට බැස්සේ අවුරුදු ජන ක්රිඩා කරන්න. හිතේ හැටියට පොඩිත්තෝ සෙල්ලම් කරද්දි ඒ අතරට අවුරුද්දේ රහ එකතු කරන්න අමේෂ් අතේ තිබ්බ mic එකට පුළුවන් උනා. උන් හිටි තැන් අමතක උන අපිටත් ඒ අතරේ අලියට ඇහැ නොතියා ඉන්න බැරි උනා(මං තමයි හොදමට කරේ).
සුපුරුදු වැහි දෙයියෝ දවල් වෙද්දි වඩින බව දැනගෙන හිටපු අපි ඉර මුදුන් වෙද්දි "පොඩිත්තන්ගේ අවුරුදු" උත්සවය ඉවර කරේ මීට දවස් ගානකට කලින් එයාල අපෙන් ඉල්ලපු එයාලා ආසම සෙල්ලම් බඩුව එයාට තෑගි දෙමින්.(මේ ලස්සන වැඩේ පිටිපස්සේ හිටියේ Nadeesha ඇතුලු කණ්ඩායම, ගොඩක් මහන්සි වෙලා තිබ්බා)
ඒ පුංචිත්තෝ ආසවෙන් ඒවගෙන් සෙල්ලම් කරන හැටිත් බලලා, සෑහෙන මතක ගොඩක් ඉතුරු කරගෙන එතනින් ආවේ "මෙන්න අවුරුදු ! මේ වගේ එකක් මගෙ ජීවිත කාලේට තිබිලා නෑ" කියල මං මටම කියාගෙන.

Comments
Post a Comment